Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
19
"එයා මගෙන් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. මම නැහැ කිව්වා " - රත්නා ලාලනී ජයකොඩි

- "එයා මගෙන් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. මම නැහැ කිව්වා " - රත්නා ලාලනී ජයකොඩිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44 Views

"අපේ අම්මා කැලණි ගඟට ගිහින් රෙදි හෝදන්නේ.."

"හෝදපු තෙත රෙදි ටික බයිසිකලේ බැඳගෙන ගෙදර ගෙනල්ලා  වන්නේ මම.."

වේදිකාවට ඉතා සමීප ඇය කලක් නිවේදිකාවක්. ඒ වගේම රංගන ශිල්පිණියක්. පුංචි කාලේ ඉදලා කලාවත් එක්ක ජිවත් වෙන ඇය රත්නා ලාලනී ජයකොඩි. මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.


අපි මේ කතාබහ ඔබේ ළමා කාලය හා ගම් පළාතෙන් පටන් ගත්තොත්....?
මම ඉපදුනේ වැල්ලම්පිටිය විද්‍යාර්ථ කියන ප්‍රදේශයේ. දැන් කාලේ වැල්ලම්පිටිය ජනාකීර්ණ වුණාට ඒ කාලේ ඒක ගම්බද හරිම සුන්දර වටපිටාවක් තිබුණු ප්‍රදේශයක්. වෙළවල් තිබුණා. හරක් ඇති කළා. කැලණි ගඟට ගොඩාක් කිට්ටුයි. ඒ වගේ ගමක පරිසය තිබුණා. අම්මාගේ නෑදෑයෝ අපේ ගෙවල් අවට තමයි හිටියේ. ඉතින් අපි ඒ දරැවෝ එක්ක සෙල්ලම් කළා. අද කාලේ වගේ උපකාරක පන්තිවලට ඒ කාලේ අපි ගියේ නැහැ. ඉතින් සෙල්ලමින්ම ගතකරපු ළමා කාලයක් තමයි අපිට තිබුණේ. නාට්‍ය හදාගෙන රඟපෑවා. විකට ඇඳුම් තරග තිබ්බා. අවුරුදු කාලෙට අවුරුදු උත්සව තිබ්බා. වෙසක් එකට පයින්ම කැලණි පන්සලට ගියා. ඒ කාලේ අපේ තාත්තට පාපැදියක් තිබ්බා. ඒකේ නැගලා මාව ඉස්කෝලේ එක්කරගෙන ගියා. මට මතකයි ඒ කාලේ අපේ අම්මා කැලණි ගඟට අපි කට්ටියගේ රෙදි හෝදන්න ගියා. මම තමයි හෝදපු තෙත රෙදි ටික බයිසිකලේ බැඳගෙන ගෙදර ගෙනල්ලා ගේ ඉස්සර තිබුණ වැලේ වනන්නේ. ගමේ කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා වෙලවල්වල එල්ලේ ගැහුවා.

රත්නා ළමා කාලෙදි දඟයිද?
පුදුමාකාර දඟ මල්ලක්. මට හිටියේ අයියලා දෙන්නයි, අක්කලා දෙන්නයි. මම පවුලේ බාලයා. ඉතින් බාලයා නිසා හැමෝගෙම ආදරයත් මට ලැබුණා. ඒ කාලේ මම පිරිමි ළමයෙක් විදිහට තමයි ගොඩක් වෙලාවට හැදුණේ. මට මතකයි අපේ ගේ ඉස්සර තිබුණු ලොකු පේර ගහ ගමේ මනුස්සයෙක්ට කියලා අම්මා කපලා දැම්මා. ඒ ගහේ පේර පලදාව හොඳටම තිබ්බා. හැබැයි මගේ වැඩේම ඒ කාලෙදි ඉස්කෝලේ ගිහින් ආපු ගමන් අර පේර ගහ මුදුනටම නගිනවා. ඒ බයටම අම්මා අච්චර පලදාව තියෙන පේර ගහ කපලා දැම්මා. හැබැයි මගේ තාත්තා කැඩුම් බිඳුම් වෙද මහත්තයෙක්. අපේ ගෙදර හොඳ බෙහෙත් තෙල් තිබ්බා. ඒවා ගැන මටත් පොඩි දැනුමක් තිබ්බා. ඉතින් සමහර වැටීම් තැලීම්වලදී අම්මට තාත්තට කියන්නෙත් නැතිව මමම තෙල් බෝතල් අරගෙන බෙහෙත් කරගන්තු දවස් ඕනතරම් තිබුණා. අත පය කඩාගත්තු දවස් මගේ ජීවිතේ ඕනතරම් තිබුණා. දැන් කාලේ වගේ නෙමේ සමහරදාට අපි ඒ කාලේ කුරුම්බැට්ටියක් ගලේ උරච්චි කරලා තුවාලවලට තියාගත්තා. එහෙමත් නැත්නම් කෝපි දලු ටිකක් කඩාගෙන ඒක තුවාලේ තියාගත්තා. දවසින් දෙකෙන් තුවාලයම හොඳයි. ඒ වගේ ඒ කාලේ වැටෙනවට බයකුත් නැහැ. ගහනවට බයකුත් නැහැ.

පාසල් ගියේ කොහාටද?
මුලින්ම ගියේ සේදවත්ත සිද්ධාර්ථ මහ විද්‍යාලයට. ගෙවල් ළඟමයි තිබුණේ. අපි පාසැලට ගියේ පයින්මයි. ඊට පස්සේ මම කොලොන්නාව බාලිකා විදුහලට හය වසරේදී ඇතුළත් වුණා. ඊට පස්සේ තමයි ගැහැනු ළමයෙක් විදිහට හිතන්න පතන්න ටිකක් පුරුදු වුණේ. ඒ වුණත් ඉස්කෝලේ නාට්‍ය චරිතවලදී මාව පිරිමි චරිතවලට තමයි ගත්තේ. ඉස්කෝලේදීත් පුදුමාකාර දඟයි. අපේ අම්මා කලාවට ගොඩක් හිතැති තැනැත්තියක්. අම්මට ලස්සන රූපයක් වගේම දිග කොණඩයක් තිබුණා. අම්මා මගේ අක්කව (ගීතා කාන්ති ජයකොඩි) මුලින්ම ගුවන්විදුලියට සම්බන්ධ කළා. ඉතින් මට මතකයි ඒ කාලේ ගමේ තිබුණ ගීත ගායනා තරගවලට අම්මා අපි පස්දෙනාටම ඉදිරිපත් කළා. සමහර තරගවලදී අපේ පවුලේම කීප දෙනෙකුට ප්‍රධාන තෑගි ටික ලැබුණා. දරුවකුට නිදහසේ ගත කරන්න ලැබෙන ඒ ළමා කාලය අපි පස් දෙනාටම අම්මයි තාත්තයි උපරිමයෙන් විඳින්න දුන්නා. කවදාවත් ඒ නිදහසට බාධා කළේවත් තහංචි දැම්මේවත් නැහැ.

පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද...?
ගොඩක් පුංචි කාලේ මට ඒ තරම් ලොකු හීනයක් දැනුනෙවත් නැහැ. මම හිටියේ ඒ ළමා ලෝකේ විතරයි. හැබැයි මම සාමාන්‍ය පෙළ විභාගය කරන කාලේදී ගුරුවරියක් වෙන හීනය තිබුණා. ඒකට ප්‍රධාන හේතුව වුණේ මගේ පාසැලයි. කොලොන්නාව බාලිකාවේ මගේ සංගීත ගුරුවරිය වුණු විනීතා කරැණාරත්න කියන ගුරුතුමිය මගේ ජීවිතේ වෙනස් කළා. පාසැලේ තියෙන විවිධ වැඩසටහන්වලට ඇය මාව සම්බන්ධ කරගත්තා. ඒ නිසා මටත් ඔසරිය ඇඳලා කොණ්ඩේ බැඳලා ගුරුවරියක් වෙන්න ආස කළා. ඒ වගේම සිංහල උගන්වපු ශාන්තා මිස්වත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ශාන්තා මිස් තමයි පුතේ... විශ්වවිද්‍යාලයට යන්න කියන විශ්වවිද්‍යාල හීනය මගේ ඔළුවට දැම්මේ.

කොහොමද කලාවට එකතු වුණේ?
මම සාමාන්‍ය පෙළ විභාගය කරද්දිම තමයි ගුවන් විදුලියට සම්බන්ධ වුණේ. මුලින්ම මම ගීතා අක්කාගේ තනියට ගුවන්විදුලියට ගියා. ඔය කාලේදී මහින්ද අල්ගම කරපු වැඩසටහනක ළමා චරිතයක් එක දවසක එන්නේ නැති වුණා. ඔය වෙද්දි හැමදාම ගීතා අක්කගේ තනියට ආපු මම මැදිරියේ අයිනකට වෙලා ඒ අය කරන දිහා බලාගෙන හිටියා. ඉතින් අර වැඩසටහනට මාව තෝරාගත්තා. මම ඒ චරිතය එදා හොඳට කළා කියලයි හැමෝම කිව්වේ. ඉතින් ඒ කාලේ ළමා ශිල්පි පරීක්ෂාවට ඉදිරිපත් වෙන්නේ නැතිව වැඩසටහන් කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඊට පස්සේ මම ළමා ශිල්පි පරීක්ෂණයට ඉදිරිපත් වෙලා එයින් සමත්ව ගුවන් විදුලියේ බොහෝ වැඩසටහන්වලට ඉදිරිපත් වුණා. ඊට පස්සේ ඉස්කෝලේ නිල ඇඳුමින්ම මම ගුවන්විදුලියට ආවා. එතැනින් ජීවිතේට ලැබුණු දේවල් බොහොමයි. ජීවිතේ ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න පරාජය, ජයග්‍රහණයේදී නිහතමානීව එය දරාගැනීමට ඉගෙන ගත්තා.

පාසැල් යන කාලෙදි ඔබේ තිබුණු හීනය පසුකාලේදී ඔබ සැබෑ කරගත්තා නේද...?
ඔව්... ඒ තමයි ගුරුවරියක් වීමේ හීනය. මම පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මගේ යාළුවෝ කට්ටිය හැමෝම උසස් ඵෙළට වාණිජ අංශය තෝරාගත්ත නිසා මාත් මුලින්ම වාණිජ අංශය තෝරාගත්තා. ඒ වෙලාවෙදි විනීතා මිස් තමයි කිව්වේ ඔයා කලා අංශය කරලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්න කියලා. ඇත්තටම ඒ ගුරුතුමිය නිසා කලා විෂය තෝරාගෙන අවසානයේදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගියා. ඊට පස්සේ අවුරුදු හතරකට පස්සේ විශ්වවිද්‍යාලයේ ඉන්න ගමන්ම ගුරුවෘත්තිය ලබාගන්න මට වාසනාව ලැබුණා. ඒ නිසා පත්වීම අරගෙන උපාධිය සම්පූර්ණ කළා. මට මුල්ම පත්වීම ලැබුණේ පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට.

මුල්ම පත්වීම ලබද්දිත් ඔබ රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් නේද?
ඔව්... ඒ වෙද්දිත් මම රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක්. 1982 අවුරුද්දේ පරාක්‍රම නිරිඇල්ලගේ ලාහිරු දහසක් ටෙලිනාට්‍යයෙන් මම ටෙලිනාට්‍ය කලාවටත් එකතුවෙලයි තිබුණේ. ඒ වෙනකොට අක්කා එක්ක ගිහින් පූජා චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. ඊට පස්සේ තමයි පුවත්පත් දැන්වීමකට අනුව රූපවාහිනී නිවේදිකාවක් විදිහට මාව තේරුණේ. ඔය කාලේදී යශෝරාවය රූගත කිරීම් කරනවා. කොහොම හරි පොළොන්නරුවේ ඉඳන් රූපවාහිනියට එන්න යන්න අමාරුයි. කොහොම හරි ටික කාලයකදී ස්ථානමාරුවක් ලබාගෙන මම කොළඹට ආවා.

පොළොන්නරුව ඉඳන් කොළඹට එන්නේ රාජකීයයන්ට නාට්‍ය හා රංග කලාව උගන්වන්න...?
ඔව්. මුලින්ම අපේ ගෙවල් ළඟම ටෙරන්ස් මහ විද්‍යාලයට පත්වීම ලැබුණා. අවුරුදු අටක් ඒ පාසැලේ මම සේවය කළා. ඊට පස්සේ මගේ පශ්චාත් උපාධිය සඳහා නාට්‍ය හා රංගකලාව හැදෑරුවා. ඔය කාලේදී දවසක් රේණුකා බාලසූරිය රාජකීය විද්‍යාලයට නැටුම් ගුරුවරියක් ඕනේ. කියලා කියද්දි මම රේණුකාට නාට්‍ය හා රංගකලාව ගුරුවරියක් ඕනේ නැද්ද? කියලා ඇහුවා. ඊටපස්සේ රේණුකා විදුහල්පතිතුමාගෙන් අහලා අන්තිමට මම ඉල්ලුම් කළා. අවසානයේදී මම කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුතුමිය විදිහට පත්වීම් ලැබුණා. මම තමයි නාට්‍ය හා රංග කලාව උසස් පෙළ පන්තියෙත් පටන් ගත්තේ.

අවුරුදු විසිගාණක් නාට්‍ය හා රංග කලාව උගන්නපු ඔබට පහුගිය කාලෙදි කොටිකාවත්ත රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට මාරුවීමක් ලැබුණා...?
ඔව්...මම අවුරුදු විස්සක් කොළඹ රාජකීය විදුහලේ ඉගැන්නුවා. මම රාජකීය විදුහල්පතිවරු හතර දෙනෙක් යටතේ ඉගැන්නුවා. මම මගේ ඉගැන්වීම් කටයුතුවලට මුල්තැන දීලයි වැඩකළේ. කලා කටයුතුවලට දෙවැනි තැන තමයි දුන්නේ. ඒ නිසා ළමුන්ට ගැලපෙන, දරුවන්ගේ ගුරුවරියක් විදිහට කටයුතු කරන්න පුළුවන් චරිත විතරයි බාර ගත්තේ. පසුගිය වර්ෂවල ගුරුවරුන් මාරු කිරීමේ කටයුත්තෙදි මම රාජසිංහ විදුහලට මාරුවීමක් ලැබුණා. රාජසිංහ මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය ඇතුළු මේ දරු දැරියන් මාව ආදරෙන් පිළිගත්තා. මගේ අම්මාගේ මහ ගේ තියෙන්නෙත් ඉස්කෝලේ ළඟමයි. මම පුංචි කාලේ මේ ඉස්කෝලේ වත්තේ සෙල්ලම් කරලා තියෙනවා. ජීවිතේ පටන් ගත්තේ මේ ගමෙන්. ඊට පස්සේ ලංකාවේ ඉහළම පාසැලට ගොස් ඒ දරුවන්ට ඉගැන්නුවා. දැන් මේ අහිංසක දරුවන්ට මම හොඳට උගන්වනවා. මෙතන ගොඩක් දක්ෂතා තියෙන දරුවන් ඉන්නවා. රාජසිංහයේ හොඳ දරුවන් බිහිකරලා ඔවුන් දවසක මේ රට බබළාවි.

කොහොමද සම්පත්ව මුණගැහුනේ...?
මගේ මුල්ම වේදිකා නාට්‍යය තමයි වැනීසියේ වෙළෙන්දා, තුන්මංසල වේදිකා නාට්‍යයේදී තමයි මට සම්පත්ව මුණගැහෙන්නේ. ඒ වෙද්දි සම්පත් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ඉතා ජනප්‍රිය කෙනෙක්. ඒ කාලෙදි මම කළේ බොහොම සුළු චරිතයි. ඊට පස්සේ මාව ඩග්ලස් සිරිවර්ධන සුභ සැන්දෑවක්, ජයලත් මනෝරත්නගේ පුත්‍ර සමාගම, එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ වගේ දැවැන්ත හොඳ නිර්මාණවලට තෝරාගත්තා. ඒ අතරින් සුභ සැන්දෑවක් හා පුත්‍ර සමාගම වේදිකා නාට්‍යවල මම සම්පත්ගේ පෙම්වතිය වගේ රඟපෑවා. ඉතින්... නිර්මාණ කිහිපයකටම අපි දෙන්නා දායක වුණාට පස්සේ අපි හිතවත් වුණා. ඒ දවස්වල සමහරදාට නාට්‍ය පුහුණුවීම් කරලා ඉවරවුණාට පස්සේ බස් එකේ ගිහින් ගෙදරට සම්පත් මාව ඇරලවනවා. කාලයක් ගියාට පස්සේ දවසක් සම්පත් මගෙන් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. මම නැහැ කිව්වා. එයා මට කැමැතිද... කියලා අහද්දි මම ගෙදරින් ඇවිත් අහන්න කියලා කිව්වා. අන්තිමට හැමෝගෙම ආශීර්වාදයෙන් මමයි සම්පතුයි විවාහ වුණා. 1990 ජූලි විසිතුන්වෙනිදා අපි විවාහ වුණා. අවුරුදු දෙකකට පස්සේ මට මගේ මුල්ම දරුවා ලැබුණා. නමුත් ඒ පුංචි පැටියා ඉපදෙද්දිම මියගිහින් තිබුණේ. ඊට පස්සේ මට අවුරුදු තුනකට පස්සේ මගේ පුතා ඉපදුණා. රාජකීය විදුහලේම තමයි පුතා ඉගෙන ගත්තේ. දැන් එයා පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා අතරේදී සංගීත කණ්ඩායමකුත් හදාගෙන කලාවට යම් දුරකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින්... දැන් අපේ ජීවිතේ අපේ පුතා එක්ක තමයි වැඩිපුරම ගෙවෙන්නේ. මම කලාවට ආදරෙයි. ඇත්තටම අම්මගේ හීනයට මටත් පොඩිවට හරි දායකවෙන්න ලැබීම ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු සතුටක්.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top